^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Breaking news

7.3 ක භූ කම්පනයක් අදඅලුයම සිදුව ඇතැයි පැසිපික් සුනාමි මධ්‍යස්ථානය

User Rating:  / 0

 

ඉන්දුනීසියාවේ ඊසාන දිග වෙරළට ආසන්න මුහුදේ රික්ටර් පරිමාණයේ 7.3 ක භූ කම්පනයක් අදඅලුයම සිදුව ඇතැයි පැසිපික් සුනාමි මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේය.  මේ හේතුවෙන් ඉන්දුනීසියාවේ මොලූක්කා  දිවයින් අවට සුනාමි අවදානමක් පවතින බව එම මධ්‍යස්ථානය පවසයි.

Read more...

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකකමට රනිල් සමඟ සෝභිත හිමි සීතල හටන අරඹති

User Rating:  / 0



කරුණු ගණනාවක්‌ම නිසා අපේ රටේ ආණ්‌ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ දේශපාලනඥයෝ කාර්ය බහුලව හා උණුසුම්ව සිටි දින කිහිපයක්‌ ලෙස තවත් සතියක්‌ ගෙවී ගියේය.

එක්‌ අතකින් රටේ ඉදිරි වර්ෂය සඳහා සකස්‌ කෙරුණු අයවැය යෝජනාව තිබිණි. තවත් අතකින් රටේ ඊළඟ ජනාධිපතිවරණය පිළිබඳ කරුණු කාරණා සාකච්ඡා වෙමින් වාද විවාද ඇති වෙමින් තිබිණි. තවත් පැත්තකින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය, වෘත්තීය සමිති, ධීවර ප්‍රජාව හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රවල උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර තිබිණි. ඊට අමතරව ලංකාවේ දේශපාලන අනාගතය කෙරෙහි බලපාන යුරෝපා සංගමයේ ක්‍රියාකාරකම් පිළිබඳව ද ලොකු සංවාදයක්‌ රටේ ඇතිවෙමින් තිබිණි.

ප්‍රධාන වශයෙන්ම මේ කරුණු කාරණා ක්‍ෂේත්‍ර හතර නිසා ද රටේ වැසිබර කාලගුණික තත්ත්වය හා බැඳුණු සාමාන්‍ය කාර්යබහුල ජන ජීවිත රටාව නිසා ද පසුගිය සතිය පුරාම රටේ යම් කලබලකාරී උණුසුම් වාතාවරණයක්‌ තිබුණේ යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ.

Read more...

කදුරුවෙලට වැස්‌ස අභ්‍යාවකාශ නූල් වැස්‌ස

User Rating:  / 0

අහස වලාකුළින් තොරය. නිලට නිලේ නිල් පාටින් බැබළෙමින් තිබුණේය. පොලොන්නරුවේ සුපර් ලංකා ආයතනයේ සේවය කරමින් සිටි බැඳි ඔය ජයන්තිපුර පදිංචි කේ. ඒ. රංජිත් සුරංගට අහසේ පාවෙමින් එන මොනවාදෝ සුදු පැහැති යමක්‌ දැකගත හැකි වුණේය. සැණෙකින් එළියට විත් නිල්වන් අහස්‌ ගැබ දෙස නෙත් යොමු කළ විට රංජිත් දුටුවේ අදහාගන්නට බැරි දැකුමකි. 

සුදුපාටට මකු`ඵ දැල් මෙන් නූල් කැබලි අහස පුරා පාවෙමින් තිබිණි. ඒවා එන අතක්‌ පෙනෙන්නට නොතිබිණි. මේ දසුනෙන් හෙතෙම පුදුමයට පත් වන්නට වූවේය. තව තවත් බලා සිටි ඔහු දුටුවේ මෙම මකු`ඵ දැල් කැබැලි වැනි දේ දිගින් දිගටම පාවි පාවී යන ආකාරයයි. රංජිත්ගේ කෑගැසීමත් සමගම තව තවත් අය මෙම දසුන නරඹන්නට රොක්‌ වන්නට වූහ. 

Read more...

බිලිඳු දිවි රැක දී සුරඟන ආපසු ගියාය

User Rating:  / 1

සංසාරගත පුණ්‍ය වාසනා ගුණය හා සංසාර පෙරුමන්, පැතුමන් පරිදි, ගිලානෝපස්‌ථානය උදෙසා මෙලොවට වෙදැදුරන් බිහිවන බව බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි. දෙවියන් වහන්සේ විසින් ගිලනුන්ගේ අසරණුන්ගේ පිහිටාධාරය සඳහා සුවිශේෂී දූතයන් ලෙස වෛද්‍යවරුන් මෙලොවට එවනු ලබන බව අන්‍යාගමිකයන්ගේ ඇදහීමයි. වෛද්‍යවරුන් යනු එවන් සුවිශේෂත්වයක්‌ උපතින්ම උරුම කරගත් පිරිසකි. මරණයෙන් ගැලවුණු අසනීපයෙන් මිදුණු පිරිස, වෛද්‍යවරුනට ''බුදුවේවා'' හෝ ''දෙවියන් රැක දේවා'' යන ආශිර්වාද හදවතින්ම ප්‍රාර්ථනා කරනුයේද මේ සුවිශේෂත්වය නිසාමය.

අද දවසේ තමා මෙලොවට බිහි වූයේ කිනම් සමාජ කාර්යයක්‌ සේවාවක්‌ සඳහා දැයි නොදන්නා වෛද්‍යවරු සිටිති.

පෙර පිනෙන් වෙදවරුන් වූවාට ඔවුහු අපායට යැමටම ක්‍රියා කරයි.

Read more...

මහේලගේ කොණ්‌ඩෙ ගියේ ඇයි?

User Rating:  / 0

ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී නායකත්වය දරන විට ඔලුවෙ කෙස්‌ ටික රැක ගැනීමද මහත් අමාරු කර්තව්‍යයකි. මේ අමාරු කටයුත්ත සාර්ථකව හදාරමින් සිටින එක්‌ ක්‍රීඩකයෙක්‌ දැන් අපේ ක්‍රිකට්‌වල සිටිනා බව මහේල ජයවර්ධන පවසයි. ශාන්ත ජෝශප් විදුහලෙන් ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ඇගයීමේ පසුගියදා පැවැති වර්ණ රාත්‍රියේදී මහේල අපුරු කතාවක්‌ කළේය. එහි සභාවම සිනහ ගන්වන තරම් රසයක්‌ මුසුවිය. තවත් විටෙක ඒ කතාව තුළ ගැඹුරු යථාර්ථයක්‌ මහේල සරලව පැවසුවේ ක්‍රිකට්‌ වලටත් සහ පාපන්දුවට මෙන්ම තමන් චතුර කථිකයකු බවද හඟවමිනි.

''පිටියෙදි මට නායකයාව අපහසුතාවට පත් කරන්න කොහෙත්ම බැහැ. ඒත් දැන් මට ඒ අවස්‌ථාව ලැබිල තියෙනවා. මට දැන් මෙතන්ට පේනවා මැතිව්ස්‌ට දහඩිය දාල තියෙන හැටි.'' යනුවෙන් සිනා මුහුණින් මහේල සිය කතාව ආරම්භ කළේය.

Read more...

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube