^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Breaking news

ස්ත්‍රි දූෂණයක් කළ ‘මෙගා’ නළුවගේ පියා අත්අඩංගුවට ගනී

User Rating:  / 1

at1තිස්සමහාරාමයෙන් බිහි වූ ‘මෙගා’ටෙලි නාට්‍ය නළුවකුගේ පියෙක් 30 හැවිරිදි එක්දරු මවක් දූෂණය කර තිබේ. අවුරුදු 60 ක් වයසැති සැකකරුවා තිස්සමහාරාම පොලිසිය විසින් 05 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

තිස්සමහාරාම කතරගම පාරේ සියඹලාගස්වැව පදිංචි වී මෙම කාන්තාව පසුගිය දින උදේ 8.30 ට පමණ තම නිවස අසල ළඳු කැලෑවටදර කැඩීමට යාමේදී ඒ ආසන්න හේනක සිටි පුද්ගලයකු උල් පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කර එම ස්ථානයේදී තමා බලහත්කාරයෙන් දූෂණය කළ බවට තිස්සමහාරාම පොලීසියට පැමිණිලි කර ඇත. තම ස්වාමි පුරුෂයා කුලී වැඩට නිවසින් බැහැරව ගොස් සිටියදී වියැති පුතු පාසැල් ඇරලවා තමා දර කැඩීමට තනිවම ගිය බවත්, එහිදී මෙම පුද්ගලයා විසින් උල් පිහියක් පෙන්වා තර්ජනය කර මෙම අතවරය සිදු කළ බවත් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත

Read more...

යක්‌කු පන්නන්න දැරියක්‌ පිළිස්‌සූ කට්‌ටඬි ගුරා

User Rating:  / 0

දරුවාට යක්‍ෂයෙක්‌ ඇඟට ආවේෂ වෙලා තියෙන්නේ. යකාව එලවනකන් හොඳ සිහිය ගන්න බෑ. මේ යකා එසේ මෙසේ යකෙක්‌ නොවෙයි. පවසමින් ජ්‍යෙdතිෂවේදී කට්‌ටඬියකු විසින් සිහිය විකල්ව සිටි 16 හැවිරිදි දැරිවියකගේ පාද දෙකෙහිම යටි පතුල් ගිනියම් කරන ලද යකඩ කූරකින් දරුණු ලෙස පුළුස්‌සා පිළිස්‌සුම් තුවාල සිදුකිරීමෙන් පසු තුවාලකරු අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ රෝහල්ගත කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධ හොරොව්පොතාන පොලිසියෙන් "දිවයින" ට වාර්තා විය. මෙසේ පිළිස්‌සුමට ලක්‌ව ඇත්තේ හොරොව්පොතාන අලපත්වැව, කඳවුර ගම්මානය හෙවත් සුව උදාන ගමේ පදිංචි 16 හැවිරිදි ඒ. රංජනී කුමාරි නමැති දැරිවියකි.

මේ සම්බන්ධව කරුණු සොයාගෙන රංජනී කුමාරි දැරිවියගේ නිවස පිහිටි අලපත්වැව සුව උදාන ගමට ගියෙමි. ඒ වනවිටත් රංජනී අනුරාධපුර මහ රෝහලේ 4 වාට්‌ටුවේ 8 වැනි ඇඳේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇගේ

Read more...

එලියන්ත වයිට්‌ බේරුණේ කොහොමද?

User Rating:  / 0

"එලියන්ත වයිට්‌" යන නාමය ශ්‍රී ලාංකිකයන්ට අමුත්තක්‌ අමුත්තන් නොවන්නේ ඔහු කවුදැයි බහුතරයක්‌ දන්නා බැවිනි. නොදන්නා කිහිපදෙනා වෙනුවෙන් හැඳින්වීමක්‌ කරන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ පෞද්ගලික දේශීය (හෙළ) වෛද්‍යවරයා ඔහු යෑයි පැවසීම පමණක්‌ ද ප්‍රමාණවත් වනු ඇත.

පසුගිය සිකුරාදා (28 වැනිදා) අලුයම 4.00 ට පමණ වෛද්‍ය එලියන්ත වයිට්‌ මහතා සුපුරුදු පරිදි බෙල්ලන්විල රජ මහා විහාරයට තම කේ.බි. 4285 දරන මෝටර් රථයේ නැගී පිටත්ව යැමට සූදානම් වත් ම ඔහුගේ පුතු විසින් හදිසියේම ඔහුව නතර කරනු ලැබීය. ඩඩා.......මාත් එනවා පන්සල් යන්න....., ටිකක්‌ ඉන්න......" පුතාගේ ඉල්ලීම හේතුවෙන් වෛද්‍ය එලියන්ත ආපසු හැරුණි. ඔහු ඊට පෙර දින තම මවට කතා කර පසුදින බුද්ධ පූජාවට තැබීම සඳහා කිරිබත් ගුලී කිහිපයක්‌ තම නැන්දා විසින් සාදනු ලැබ මවගේ නිවසට ගෙනෙවිත් තබනු ඇතැයි පවසා තිබිණි. පන්සල් යැමට පෙර එම කිරිබත් ගුලි කිහිපයද ගතයුතුව තිබූ බැවින් වෛද්‍ය එලියන්ත තම රියෑදුරු ලාල්ට කතාකොට මවගේ නිවසට ගොස්‌ කිරිබත් ගුලි සහ කළු පැහැති කමිසයක්‌ද රැගෙන එන ලෙස පවසා ඇත. රියෑදුරු ලාල් එසැනින් මෝටර් රථය පණ ගන්වා මිරිහාන එදිරිසිංහ පාර පළමු වැනි පටුමගෙහි පිහිටි වෛද්‍ය එලියන්තගේ නිවසින් එළියට එය ධාවනය කර ගත වූයේ මිනිත්තු කිහිපයකි. මංගල රථයක්‌ නිවසින් එළියට යන මොහොතක සේ එක පෙළට රතිඤ්ඤා වැළක්‌ පත්තු වන හඬින් මුළු ප්‍රදේශයම දෙදරුම් කෑවේය. තවත් තත්පර කිහිපයකින් වෛද්‍ය එලියන්තගේ රියෑදුරු ලාල් හඬමින් ආපසු පාගමනින් නිවසට පැමිණ වෛද්‍ය එලියන්තගේ පුතාට පවසා තිබුණේ, "හෙල්මට්‌ දාගත්ත එක්‌කෙනෙක්‌ වාහනේට වෙඩි තිබ්බා......." යනුවෙනි.

Read more...

මාධ්‍ය ලේකම් ඉවත්වූයේ ෆොන්සේකා සමග වැඩ කිරිමට බැරි නිසාද?

User Rating:  / 0



සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් 'ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ' මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් හා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ සංජීව සමරසිංහ මහතා එම තනතුරුවලින් සහ පක්‍ෂයෙන් ඉල්ලා අස්‌ වී ඉකුත් සතියේ මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වමින් කළ ප්‍රකාශයන්, ෆොන්සේකා මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය පිළිබඳව දේශපාලන ක්‍ෂේත්‍රයට අලුත් මාතෘකාවක්‌ සැපයීමට හේතු වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති බවත්, ෆොන්සේකා මහතා කටයුතු කරන්නේ ඒකාධිපතියකු ලෙස බවත් එම මාධ්‍ය සාකච්ඡාවේදී සමරසිංහ මහතා පැවැසීය. තම දේශපාලන සතුරන් විනාශ කිරීමේ අභිලාශයෙන් කටයුතු කරන ෆොන්සේකා මහතා මීළඟ ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වීමට සිහින දකින බව එහිදී සඳහන් කළ සමරසිංහ මහතා මෙවර බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ සටනින් අන්තිම සතියේදී පමණ ඉවත් වීමට ෆොන්සේකා මහතා අදහස්‌ කොට ඇති අතර එයට තමා තරයේ විරුද්ධත්වය පළ කළ බව ද කීය.

Read more...

යුද අපරාධ පරීක්‍ෂණයකට ඉන්දියාව එකඟද?

User Rating:  / 0



ජිනීවා සටන හෙට සිට ඇරඹෙනු ඇත. 2012 හා 2013 යන වසර වලදීත් ඇමරිකානු යෝජනාවක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ අතර ලෝක බලවතාගේ අවශ්‍යතාවය පරිදිම එය ජයග්‍රහණය කරනු ලැබිණි. පසුගිය වසර දෙකේදීම අපේ අසල්වාසි භාරත මාතාවන් කොළඹ ආණ්‌ඩුවට එරෙහිව වොෂින්ටනයේ පාර්ශ්වය ගත් බව අමුතුවෙන් කිව යුතු නැත. වසර 30 ක්‌ පුරා පැවැති ත්‍රස්‌තවාදයකින් මිදී නිදහස්‌ නිවහල් රාජ්‍යයක්‌ ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් තර්ජනාංගුලි ඉදිරිපත් කිරීමට ඇමරිකාවට සදාචාරාත්මක අයිතියක්‌ තිබෙන්නේද යන්න බරපතළ ප්‍රශ්නයකි. සදාම් හුසේන් ඝාතනය කිරීම සඳහා ටොන් 88,500 ක බෝම්බ හෙලූ ඇමරිකාව ඉරාක වැසියන් හය ලක්‍ෂයකගේ මරණවලට වගකිවයුතු යෑංකි රාජ්‍යය, කොළඹ ආණ්‌ඩුවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා නැගීම බරපතළ විහිළුවකි.

Read more...

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube