^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Breaking news

මම නටන පිස්‌සු මොනවද කියලා දන්න අය දන්නවා - නතාෂා පෙරේරා

User Rating:  / 0

කටකතා ඇත්ත වෙන්නත් පුළුවන්

සුළඟක්‌ වී මං එනවා 

දුර අහසේ ඉගිලෙන්නට

අප්පච්චි කොහොමද 

මං අල්ලන්නේ

මීට දශකයකට කලින් මෙහෙම කියපු පුංචි කෙල්ල දැන් නව යොවුන් වියේ පසුවන තරුණියක්‌. පිරිපුන් තාරුණ්‍යයෙන් පිරී ඉතිරී යන ඇය නතාෂා පෙරේරාය. නතාෂත් දැන් පෙම්වතියක්‌ කියලා අපිට පුංචි ආරංචියක්‌ ලැබුණා. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන ඇය අපිට කිව්වේ මෙන්න මේ විදිහට.

නතාෂා කොහොමද මේ දිනවල කාලය ගෙවෙන්නේ ?

දැන් මම නීතිවේදිනියක්‌. ලංකාවේ නීතිඥවරියක්‌ වෙන්න කලින් දිවුරුම් දෙන්න තියෙන අවසාන විභාගවලට මුහුණදෙන්න සූදානමින් ඉන්නේ. 

ආපහු රඟපාන්න අදහසක්‌ නැතිද?

Read more...

කඳුලු මතකයක්‌ ඉතිරි කර සමුගෙන ගිය පොලිස්‌ අධිකාරි ප්‍රසාද්!

User Rating:  / 1



බොරැල්ල කනත්ත පුරා එකම හිස්‌ගොඩකි. තම සහෘදයා අවසන් ගමන් යන්නට ඉතිරිව ඇත්තේ තවත් සුළු වේලාවකි. පොලිස්‌ තූර්යවාදක කණ්‌ඩායමෙන් නිකුත් වන ශෝක බර සංගීත රාවය හද කකියවන සුළුය.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් අමිල සේවයක්‌ කළ ඒ එඩිතර නිලධාරියා වෙනුවෙන් උත්තමාචාරය පුද කිරීමට පොලිස්‌ නිලධාරීහු සැදී පැහැදී සිටියහ.

හංවැල්ලේදී අකල් මරණයකට ගොදුරු වූ පොලිස්‌ අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන දැයෙන් සමුගන්නා මොහොත එළඹුණේය.

Read more...

පෝෂණ සමාජ ආර්ථික ගැටලු රැසකට කදිම විසඳුම හීල් බත්

User Rating:  / 0
 

 

හීල්බත් පිළිබ`දව හෙළයාට තිබූ දැනුම සහ අත්දැකීම් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අහෝසි වී ගොස්‌ ඇත්තේ ඉතාම කනගාටුදායක අයුරිනි. අද "හීල් බත් කියන්නේ මොනවද?" කියා ගුරුවරුන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් අසන්නට පාසල් දරුවන්ට සිද්ධ වී ඇත්තේ එබැවිනි. කුඩා දරුවන් පමණක්‌ නොව බොහෝ වැඩිහිටියන්ද හීල්බත් කියන්නේ කුමක්‌දැයි දන්නේ නැත. හීල් බත් ගැන දන්නා අයවත් හීල්බත් උණු බත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි ? යන ප්‍රශ්නයට පිළිතුර දන්නේ නැත. 

හීල්බත් කියන්නේ කුමක්‌ද?. හීල්බත් උණුබත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි?. ආදී ප්‍රශ්න වලට බොහෝ දෙනා නිවැරදි පිළිතුර නොදන්නා බැවින් එම අපැහැදිලිතාවය මගහැරවීම ස`දහාත් හීල් බත් පිළිබ`දව නිවැරදි දැනුමක්‌ සහ හීල්බත් ආහාරයට ගැනීමේ උනන්දුවක්‌ සහ සංස්‌කෘතියක්‌ සමාජයේ යළිත් ඇතිකරලීම ස`දහාත් අපි ඒ ගැන සාකච්ඡා කරමු. 

Read more...

මියගිය ඥාතීන් භූතයන් වී අපේ සිරුරට ඇතුළු වන්නේ මෙහෙමයි

User Rating:  / 0

දේවාරූඪය-දේවාරූඪයෙන් සාත්තර කීම අද එදාටත් වඩා ප්‍රචලිත වී ඇත. අතීත ගැමි සමාජයේ පමණක් දකින්නට තිබූ මෙබඳු අභිචාර අද වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නාගරික සමාජයේ වීමද විශේෂයකි.

සමාජය වේගයෙන් නාගරීකරණය වීමත් සමග එදා ගමට සීමා වී තිබූ බොහෝ දේ නගරයටද පැමිණ තිබේ. ශ්‍රී ලාංකේය ‍පොදු ජන ව්‍යවහාරයේ දැකිය හැකි අපේ අංජනම්, ‍ජ්‍යොතිෂය වැනි ගුප්ත අභිචාරී භාවිතාවන්ට වඩා ජනකාන්ත වූ දේවාරූඪයෙන්  සාස්තර කීම කුඩා කුඩා දේවාල රාශියක් බිහි වීමත්, ඒ ආශ්‍රිත වූ වත් පිළිවෙත් යාතු කර්ම රැසක් මගින් ජනතාව ගුප්ත ප්‍රතිකාර පිළිවෙත් කරා බැඳ ගැනීමත්, සිදු කරනු ලැබූවක් වීම විශේෂයකි. භද්‍රකාලී, සූනියම් දැඩි  මුණ්ඩ ආදී ප්‍රකට දෙවි දේවතාවන් නියෝජනය කරමින් කෙළින්ම ඔවුන් සමග සම්බන්ධ වන සේවා දායක පිරිසකුත් අතරමැදි වාහකයන් හෝ වාහිකාවන් පිරිසකුත් මෙහිදී හඳුනාගැනීමට පුළුවන.
මෙම ලිපියෙන් මා උනන්දු වන්නේ දෙවාරූඪය සැබවින්ම ගුප්ත බලයක්ද, එහිදී දැකිය හැකි දෙය අපට තේරුම් ගත හැක්කේ කෙසේදැයි විමසීමටය.

Read more...

හකීම් ආණ්‌ඩුවෙන් යයිද......?

User Rating:  / 0

මුස්‌ලිම් ආගමික ස්‌ථාන රැසකට පසුගිය කාලයේ කළ පහරදීම් සහ හානි සිදුකිරීම් පිළිබඳ වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය පසුගිය වසරේ අගෝස්‌තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේ හකීම් මහතා විසින් ඇයට භාරදෙන ලදැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ හා ජාතික නිදහස්‌ පෙරමුණේ චම්පික රණවක සහ විමල් වීරවංශ යන ඇමැතිවරුන් කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රශ්න කිරීම නිසා මේ උණුසුම් තත්ත්වය හටගත් බව වාර්තා විය. තමා පිල්ලේ මහත්මිය හමුවූ නමුත් ඇයට එවැනි වාර්තාවක්‌ භාරදුන්නේ නැතැයිද එහෙත් තම පක්‍ෂයේ කණ්‌ඩායමක්‌ විසින් එවැන්නක්‌ සිදුකරන්නට ඇතැයිද හකීම් ඇමැතිවරයා මෙහිදී පවසා තිබේ. ආණ්‌ඩුව ඇතුළේ සිටියත් මුස්‌ලිම් කොන්ග්‍රසය වෙනම පක්‍ෂයක්‌ යයි හකීම් මහතා පැවසූ විට "ඔබට ආණ්‌ඩුව ඇතුළේ ඉන්නට බැරිනම් යන්න පුළුවන්" යයි පවසා ජනාධිපතිවරයා රැස්‌වීමෙන් ඉවත් වී ගොස්‌ ඇත.

පසුව රවුෆa හකීම් මහතා මේ සිද්ධිය ගැන මාධ්‍ය මගින් විමසූ විට පවසා තිබුණේ "කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ඕනෑම අදහසක්‌ ප්‍රකාශ කරන්න පුළුවන්. වාද විවාද උණුසුම් අයුරින් සිදුවෙනවා. එදා සිදුවුණෙත් එවැනි වචන හුවමාරුවක්‌ පමණයි. ඒ සිද්ධිය එතැනින් අවසන්" යනුවෙනි. තම පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් නොවන බවද ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණි.

Read more...

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube