^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Breaking news

මුතු ඇටය සතුටු කඳුළින් ඔප දමන්නට මේ නායකත්ව මණ්‌ඩලයේ සවිය ආශිර්වාදයක්‌ම වේවායි අපි පතමු

User Rating:  / 0

නායකත්ව මණ්‌ඩලය' යන වචන දෙකට ඉකුත් සමයේ ශ්‍රී ලංකාවේ විශේෂ අවධානයක්‌ යොමුවිය. ඒ වචන දෙකට අවධානය දිනාදුන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය විසිනි. නායකයා සහ නායකත්ව මණ්‌ඩලයක්‌ අතර ඇති විශේෂ වැදගත්කම යූ. එන්. පී.ය දැනගත් අයුරක්‌ මේ තාක්‌ පෙනෙන්නට නැති මුත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම නම් මේ දිනවල 'නායකත්ව මණ්‌ඩලයක' ඇති විශේෂ වටිනාකම ප්‍රායෝගිකව ඔප්පු කරමින් සිටියි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒ නායකත්ව මණ්‌ඩල වටිනාකම අපි දුටුවේ අද අවසන් මහා තරගය යෙදෙන පන්දු වාර 20 ක්‍රිකට්‌ ලෝක කුසලානේදීය. 

Read more...

ඡන්දයට ගිය ඔවුන්ගේ කතාව

User Rating:  / 0

දුප්පත්කම අලෙවිකරන සමාජය ඉදිරියේ පැරදුණා
මධුමාධව අරවින්ද

දුප්පත්කම් දරාගත්ත පරපුර වෙනුවෙන් මම දේශපාලනය කළා. නමුත් දුප්පත්කම් දරාගත්ත පරපුර දුප්පත්කම් අලෙවි කරන පරපුර ඉදිරියේ පරාජයට පත් වුණා. තවත් පැහැදිලි කරනවා නම් තහඩුවට, උළු කැටයට, සාරියට, රෝදයට, පෝස්‌ටරයට, රතිඤ් ටිකට නොරැවටුණු 25000 ක්‌ පමණ වන මට ඡන්දය ලබා දුන් අවංක ජනතාවට, මගේ සිංහල පරපුරට මම ප්‍රණාමය දක්‌වනවා. ජනතා සේවය මම දිගටම කරගෙන යනවා.


සමාජයේ දූෂණයට ඉඩ නෑ
ගීතා කුමාරසිංහ

Read more...

දේශපාලනයෙන් ඉවත් වන්න මර්වින්ට විවෘත අභියෝගයක්‌

User Rating:  / 0

සති ගණනක්‌ තිස්‌සේ වැහිබරව තිබූ අහසින් මහ වැස්‌සක්‌ ඇදහැලී අවසන්ව සියල්ල සන්සුන් වූවා සේ බස්‌නාහිර, දකුණ පළාත් සභා ඡන්දය ද අවසන් විය. වෙනත් මැතිවරණවලට සාපේක්‍ෂව බලනවිට කලබල කිසිත් නැති සාමකාමීව අවසන්වූ මැතිවරණයක්‌ ලෙස එම මැතිවරණය වාර්තා ගතවීම නිසා දේශපාලන ගැටුම්ද නොතිබිණි.

එහෙත් මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් රටේ විවිධ මත හා දේශපාලන නිරීක්‍ෂණ වාර්තා ප්‍රචලිත වන්නට වීමත් සමඟ යළිත් වතාවක්‌ දේශපාලන පොරපිටිය නොසන්සුන් විය. විශේෂයෙන්ම රටේ ප්‍රධාන විපක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂය මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් පෙන්aවා දුන්නේ මේ මැතිවරණයේදී රජය (එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය) සැලකිය යුතු මට්‌ටමකින් පසුබැස ඇති බවකි. එක්‌සත් ජාතික පක්‍ෂය සිය බලය ආරක්‍ෂා කරගත් බවද, ජනතා විමුක්‌ති පෙරමුණ හා විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බලය වර්ධනය කරගෙන ඇති බවද දේශපාලන නිරීක්‍ෂකයෝ පෙන්වා දෙන්නට වූහ. පසුගිය සතියේ ඡන්දයට පසු දින කිහිපය තුළ සමාජය උණුසුම් කළේ ප්‍රතිඵල පිළිබඳව එසේ පැතිර යන්නට වූ විසංවාදයයි. රජය හා විපක්‍ෂයේ බලවේග අතර මේ සංවාදය පසුගිය සතිය පුරාම පැතිර ගියා යෑයි කිවහොත් නිවැරැදිය.

Read more...

හොර නෝට්‌ටු ජාවාරම

User Rating:  / 0

නොයෙකුත් හොර ජාවාරම් අතර හොර මුදල් නෝට්‌ටු ජාවාරම් ද සිදු වෙමින් තිබේ. කෙතරම් අරක්‍ෂක පියවර ගනු ලැබුවත් හොර මුදල් ජාවාරම්කරුවන් ඒවාට ද අනුගත වෙමින් හොර මුදල් නෝට්‌ටු ජාවාරම් දිගටම සිදු කරමින් සිටිති. මුදල් ඉතිහාසය ගැන අධ්‍යයනය කරන විට දැනගන්නට ඇති පරිදි ලෝකයේ මුදල් භාවිතය ආරම්භ වූ කාලයේ සිටම මෙම හොර මුදල් ජාවාරම් ද සිදුව ඇත. මෙම ජාවාරම් මැඩලන්නට නොයෙකුත් නීති හා දැඩි දඬුවම් පනවා තිබුණත්, ව්‍යාජ මුදල් නිෂ්පාදනය මුළුමණින්ම වැළැක්‌වීමට අපහසු කරුණක්‌ බවටද පත්ව තිබේ. ලෝකයේ සෑම රටකම ව්‍යාජ මුදල් නිෂ්පාදනය සිදු වුවත්, අප රටේ මේ ව්‍යාජ මුදල් නෝට්‌ටු නිෂ්පාදනය කිරීම පිළිබඳ ප්‍රවෘත්ති අපට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙයි. මහා පරිමාණයෙන් මෙන්ම සුළු පරිමාණයෙන්ද මේ හොර මුදල් ජාවාරම් සිදුවෙමින් තිබේ. එවැනි හොර මුදල් නෝට්‌ටු නොදැනුවත්ව ඔබ අතටද පත් වී නොයෙකුත් පාඩුවලට සහ අපහසුතාවන්ට මුහුණදීමට ඔබටද සිදු විය හැකිය. ඒ නිසා මේ පිළිබඳ මහජනතාව වශයෙන් ඔබද අවදියෙන් සිටීම වැදගත්ය.

Read more...

ශ්‍රී ලංකාව අද දිනුවොත් අවසන් පූර්ව වටයට නෙදර්ලන්ත තරග ප්‍රතිඵලය අදත් වෙන්න පුළුවන් චන්දිමාල්

User Rating:  / 0

චමිල කරවිට බංග්ලාදේශයේ චිතගොං නුවර සිට

විස්‌සයි/2-0 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ පළමු කාණ්‌ඩයේ අණසක පතුරුවා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ උරුමක්‌කරුවන් වශයෙන් සැලකෙන එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක විස්‌සයි/20 තරගය අද (27 දා) චිතගොංහි සහූර් අහමඩ් චවුද්‍රි ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.00 ට ආරම්භ වනු ඇත. 

මෙවර තරගාවලියේ අවසන් පූර්ව අවස්‌ථාව ස්‌ථිර කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවටද, තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා එංගලන්තයටද තීරණාත්මක වනු ඇත.

ප්‍රබල දකුණු අප්‍රිකානු පිලට සහ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ තවමත් අත්පොත හදාරනු ලබන නෙදර්ලන්තයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරගෙන සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම අද තරගය ජයගතහොත් පහසුවෙන් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනු ඇත. මෙම තත්ත්වයට හාත් පසින්ම වෙනස්‌ තලයක පසුවන එංගලන්ත පිලට තරගයේ ජය වැදගත් වනුයේ අවසන් පූර්ව අවස්‌ථාවට සුදුසුකම් ලැබීම සඳහා තවදුරටත් බලාපොරොත්තු රඳවා තබා ගැනීමට වේ. නවසීලන්තය සමග පැවැති තරගය අනපේක්‍ෂිත ලෙස පරාජයට පත්වීම මත එංගලන්තය මෙම අවධානම් තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබේ.

Read more...

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube