^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Breaking news

නිල්වලා ගඟේ දරු දෙදෙනා බේරාගත් හමුදා සෙබළුන්ගේ නිලතල ඉහළට

User Rating:  / 0

පියා විසින් නිල්වලා ගඟට විසිකරන ලද දැරියන් දෙදෙනාගේ ජීවිත බේරාගත් හමුදා සෙබළුන් සිව්දෙනාගේ වීර ක්‍රියාව ඇගයීම සඳහා ඔවුන්ගේ තනතුරු උසස්‌ කිරීම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 30 වැනිදා සවස සිදුකෙරේ.

මේ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ 3 වැනි ගැමුණු හේවා බළඇණියේ සාමාන්‍ය සෙබළුන් තිදෙනා ලාන්ස්‌ කෝප්‍රල් නිලයටත්, ලාන්ස්‌ කෝප්‍රල් නිලයේ සිටින නිලධාරියා කෝප්‍රල් නිලයටත් උසස්‌ කරන බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ඊයේ (27 වැනිදා) පැවසීය.

Read more...

මත්තල පිස්‌තෝල මෙහෙයුම!

User Rating:  / 0



හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ ඇතුළු හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ නව සංවර්ධනය දැක බලා ගැනීම සඳහා ඒ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ එජාප මන්ත්‍රී පිරිසකට මත්තල දී මැර ප්‍රහාරයක්‌ එල්ල වූ බව කියෑවෙන පුවතක්‌ ඉකුත් 18 වැනිදා අපගේ දිනපතා දිවයින පත්‍රය ඡායාරූපද සහිතව වාර්තා කර තිබිණි. හම්බන්තොට නගරාධිපතිවරයාද පිස්‌තෝලයක්‌ රැගෙන එජාප මන්ත්‍රීවරුන් ගමන් කළ බස්‌රිය ලුහුබැඳ ගිය බවක්‌ද කියෑවිණි.

මේ සිද්ධියට සම්බන්ධ වූවෝ කවරහුද? ඒ සඳහා සේනා සංවිධානය කළෝ කවරහුද යන්න පිළිබඳව තවම නිශ්චිතව කිව නොහැක. ඇතැම් විටෙක මේ කියන නගරාධිපතිවරයා බියට පත්ව තම ආරක්‍ෂාව සඳහා පිස්‌තෝලයද සුරතට ගෙන ඒ කියන කලබලය අස්‌සේ දිව ගියාද විය හැකිය. සාමාන්‍යයෙන් එබඳු දේවල් මේ රටේ සුලභව සිදුවන හෙයිනි.

Read more...

"මට මගේ නොවන මගේම කුසලානය ලැබුණා...." එහෙමද?

User Rating:  / 0

 

ඔහු සටනේ සමාරම්භක සේනාධිපති විය. සටන ජය මගට යොමු කළේද ඔහුම විය. නමුත් සිය සේනාව ඒ මගේ ගොස්‌ ලෝකයම ජයගත් සටනේ උච්ඡතම අවස්‌ථාව එළඹෙන විට ඔහු ජයග්‍රාහී සේනාවට වතුර ටික, හිස්‌වැසුම සපයන සාමාජිකයෙක්‌ පමණක්‌ බවට සිටියේය. ඒ වන විට සිය පදවි හැරදා සිටි බැවින් මේ ජයග්‍රහණයේ ප්‍රධාන චරිතය බවට පත්වීමේ ඓතිහාසික අවස්‌ථාව ඔහු වෙතින් ගිලිහී ගියේය. එහෙත් ඔහු ඒ ගැන පසුතැවුණු වගක්‌ කිසිවිටෙකත් නොපෙනුනේය. ඔහු දිනේෂ් චන්දිමාල් නම් පන්දු වාර 20 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකයක නොවූ නායකයා ය. වයස අවුරුදු 23 දී එම තරග අංශයේ ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ නායකයා බවට ඔහු පත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ අඩුම වයසින් නායකත්වයට පත් ක්‍රීඩකයා වශයෙනි. 

Read more...

අතුරුදන් යානාවේ කළු පෙට්ටිය ගැන ටෝනි ඇබර්ට් යළි කට අරී

User Rating:  / 0

ඉන්දියන් සාගරයෙන් ලැබුණ සංඥා ඉකුත් මාර්තු 08 වැනිදා අතුරුදන් වූ මැලේසියානු MH 370 යානයේ කළු පෙට්ටියෙන් ලැබුණු ඒවා බවට සැකයක් නැති බව ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබර්ට් මහතා පවසයි.

චීනයේ දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගුවන් යානාව සොයා මේ වනවිටත්  සාගර කලාපවල සිදුවන මෙහෙයුම් බොහෝ දුරට සීමා කිරීමට සිදු වී ඇති බවයි. මීට පෙරත් අවස්ථා හතරක දී ගුවන් යානාවක පටිගත කිරීමේ යන්ත්‍රයකින් (කළු පෙට්ටියකින්) නිකුත් වන සංඥවලට සමාන සංඥා ඔස්ට්‍රේලියානු නෞඛාවක් විසින් ග්‍රහණය කරගෙන තිබුණ ද අතුරුදන් යානය පිළිබඳ

Read more...

කොටි යළි එන තර්ජනය සහ මානව හිමිකම් අර්බුදය

User Rating:  / 0

දෙකෝටියකගේ අයිතීන් වලට වග කියන්නේ කවුද?



ස්‌විස්‌ට්‌සර්ලන්තයේ ජිනීවාහි මෙවර පැවති එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී තිස්‌ වසරක්‌ පුරා මෙරට පැවති ත්‍රස්‌තවාදය අවසන් කිරීම හමුවේ "යුද අපරාධ" යන්න මුලට ගෙන ශ්‍රී ලංකාවට එරෙහිව නැගුණු චෝදනා රැසකි.

එකී චෝදනා සමග ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ප්‍රධාන ඇතැම් බටහිර රටවල මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවත්විය යුතු බව කියමින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම යෙදී තිබුණේ ඉකුත් මාර්තු මස 29 වැනිදාටය.

Read more...

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube