^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Breaking news

ජේම්ස්‌ පැකර් ගුටිකෙළියේ විනාඩි 5 ක වීඩියෝව රුපියල් කෝටි 3 කට විකුණයි සටන පිළිබඳ ඇත්තම කතාව මෙන්න!

User Rating:  / 0

 



යුක්‌රේනයේ බෝම්බ පුපුරද්දී, ඇෆ්ගනිස්‌ථානයේ ඉස්‌ලාමීය අන්තවාදීන් මිනිසුන්ගේ බෙලි කපද්දී, සිරියාව ලේකයේ භයානකම යුද්ධ භූමි වලින් එකක්‌ බවට පත් වෙද්දී සහ ලිබියාව භෞතික සටන්වලින් විනාශයට පත් වෙද්දී ඒ සියල්ල පැත්තකට දැමූ බටහිර පුවත් සේවා පසුගිය සතියේ සිය සම්පූර්ණ අවධානය යොමු කළේ ලෝකප්‍රකට කෝටිපතියන් දෙදෙනකු වූ ජේම්ස්‌ පැකර් සහ ඩේවිඩ් ජින්ජල් යන දෙදෙනා ඔවුන් පදිංචිව සිටි ඔස්‌ටේ්‍රලියානු තට්‌ටු නිවාසයෙන් බිමට බැස මහ පාරේ පදික වේදිකාව දිගේ පෙරළෙමින් ගුටි කෙළගැනීමටය. ශ්‍රී ලංකාවේ කැසිනෝ හෝටලයක්‌ ආරම්භ කිරීමට ඉදිරිපත්ව සිටින ජේම්ස්‌ පැකර් යනු අද මෙරට ඉහළ මධ්‍යම පන්තියේ ගෘහස්‌ත නාට්‍යයක්‌ බවට පත්ව තිබේ. ඔවුන් දෙදෙනා කවර හේතුවක්‌ උදෙසා පොර කා ගත්තේද යන්න අදටත් රහසක්‌ වන නමුත් ඒ හේතුව මෙසේ විය හැකිය යන්න ගැන මත කිහිපයක්‌ හටගෙන තිබේ.

දැනට අවුරුදු 46 ක්‌ වයස්‌වන ජේම්ස්‌ ඩග්ලස්‌ පැකර් යනු ඔස්‌ටේ්‍රලියානු මාධ්‍ය ආයතන කිහිපයක අයිතිකරුවූ කෙරී පැකර් නමැත්තාගේ පුත්‍රයාය. මෙයට නව වසරකට පෙර කෙරී පැකර් මිය යන්නේ ඒ වන විට ඩොලර් බිලියන 6.5 ක්‌ව තිබූ සිය අතිමහත් ධනස්‌කන්ධය එකම පුතා වූ ජේම්ස්‌ටත් එකම දුව වූ ගේටල්ට පවරමිනි. ACP නමැති පත්තරකන්තෝරුවක්‌ද Nine Network නමැති රූපවාහිනි ආයතනයෙක්‌ද මේ පවුලේ බූදලයට අයත්ය. කෙරී පැකර් 1977 දී සිය රූපවාහිනි ආයතනයේ ජනප්‍රියත්වය උදෙසා World Series Cricket නමැති ක්‍රිකට්‌ තරගාවලියක්‌ ආරම්භ කර ලෝක ක්‍රිකට්‌ ව්‍යාපාරය කණපිට ගැසුවේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ඩොලර් මිලියන ගණන් ගෙවමිනි. රස්‌සාවට ක්‍රිකට්‌ ගැසීමෙන් ජීවිතය ගැටගසා ගැනීමට නොහැකි යෑයි මතවාදයක්‌ එකල ඔස්‌ටේ්‍රලියාවේ පැතිර තිබිණ. එංගලන්තය, පාකිස්‌තානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ කණ්‌ඩායම්වල ක්‍රීඩකයෝ කෙරී පැකර්ගේ තරගාවලියට ගිවිසුම් අත්සන් කළහ. එවකට එංගලන්ත ක්‍රිකට්‌ පිලේ නායක ටෝනි ග්‍රේග්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ නායක ක්‌ලයට්‌ ලොයිඩ්, ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ පිලේ නායක ග්‍රෙග් චැපල්, ඉම්රාන් ඛාන්, ඉයන් චැපල් යනාදීහු කෙරී පැකර්ගේ ක්‍රිකට්‌ තරගාවලියට එක්‌වූ අය වෙති.

Read more...

භාරත ඝාතන නඩුව වැඩිදුර විභාගය කොළඹ මහාධිකරණයට

User Rating:  / 0



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 
13 දෙනකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කොළඹ මහාධිකරණයට යොමු කිරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (02 වැනිදා) තීරණය කළේය.

විත්තිකරුවන්ට එරෙහිව ඉහළ අධිකරණය හමුවේ විභාගයක්‌ පැවැත්වීමට ප්‍රමාණවත් සාක්‌ෂි ඉදිරිපත් වී ඇතැයි මෙහි මූලික පරීක්‍ෂණය පැවැත්වූ මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (02 දා) සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

Read more...

දවස්‌ තුනක්‌ යන්නට පෙර කෝටි විසිහයේ මැණික්‌ හොරුන් මැණික්‌ සමගම අත්අඩංගුවට ඇමැති ආරක්‍ෂක පොලිස්‌ නිලධාරියකුත් හොර කල්ලියේ

User Rating:  / 0


අත්අඩංගුවට ගත් මැණික්‌ ගල් පරීක්‌ෂා කරන පොලිස්‌ නිලධාරීන් සහ සැකකරුවන් මැණික්‌ගල් රැගෙන යැමට පැමිණ ඇති මෝටර් රථය... පින්තූර මාවනැල්ල ජයන්ත සේනානායක

මහනුවර ප්‍රදේශයේ ප්‍රකට මැණික්‌ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් විසිහය කෝටි හතළිස්‌ ලක්‍ෂයක්‌ වටිනා මැණික්‌ ගල් තොගයක්‌ කොල්ලකාගෙන පලා ගිය සංවිධානාත්මක කණ්‌ඩායම අත්අඩංගුවට ගත් පොලිසිය කොල්ලකන ලද මැණික්‌ ගල් තොගය ද සොයාගෙන ඇත.

Read more...

ශැම්පේන් විෂ වී මරණ දෙකයි - පොලිසියේ දෙදෙනෙක්‌ අසාධ්‍ය වී රෝහලේ

User Rating:  / 1


සිද්ධියෙන් මියගිය අයගේ මරණ පරීක්‌ෂණය අත්තනගල්ල වැඩ බලන මහෙස්‌ත්‍රාත් එස්‌. අබේගුණවර්ධන මහතා විසින් සිදුකරන අයුරු ඡායාරූපයේ දැක්‌වේ. මීරිගම පොලිසියේ පො.ප. එස්‌. පද්මසිරි මහතාද මෙහි වේ.


මීරිගම, පල්ලෙවෙල මිහිඳු මාවතේ නිවසක පෙරේදා (26 දා) පැවැති සාදයකදී විදේශීය මැත්පැන් බෝතලයක්‌ (ශැම්පේන්) පානය කළ සිවුදෙනකුගෙන් දෙදෙනකු මියගොස්‌ ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන අනෙක්‌ දෙදෙනා වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

Read more...

ෆුල් ෆේස්‌ හෙල්මට්‌ දමාගත් යතුරුපැදිකරුවන් දැඩි පරික්‌ෂාවට

User Rating:  / 0

සහමුලින්ම මුහුණු ආවරණය වන පරිදි හිස්‌ වැසුම් (ෆුල් ෆේස්‌ හෙල්මට්‌) පැළඳ යතුරුපැදිවලින් ගමන් කරන අය පරීක්‍ෂා කරන වැඩපිළිවෙළක්‌ ආරම්භ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා "දිවයින"ට ඊයේ (27 වැනිදා) පැවැසීය.

දිගින් දිගටම දිවයිනේ සිදුවන බැංකු හා ස්‌වර්ණාභරණ වෙළෙඳ සල් කොල්ලකෑම් වැඩි වීම හේතුවෙන් ඒවා තවදුරටත් වැළැක්‌වීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය.

Read more...

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube