^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Breaking news

සම සෞඛ්‍ය සිසුන්ට එල්ල වූ පොලිස්‌ ප්‍රහාරය

User Rating:  / 0

ලේ පෙරාගෙන කූඩුවේ හිටියත් 
පොලිසිය වතුර පොදක්‌වත් දුන්නේ නෑ

- සරසවි ශිෂ්‍යයා කියයි

මෙයාලා අපිට අට පාස්‌ බල්ලො කියා බැන්නා
- රාළහාමි කියයි

කිහිප දෙනකුගේම දරුණු ප්‍රහාරය නිසා මගේ වම් ඇහැ අරින්න බැරි තරමට ගෙඩිගැහිලා ඉදිමිලා තිබුණේ. තොල් පැලිලා ලේ ගලන්න ගත්තා. පොලිස්‌ කූඩුවට දැම්මෙ එහෙම අඩපණවෙලා ඉන්න විටයි. මට කෙළින් හිටගන්නවත් බැරි වුණා. පැනඩෝල් පෙත්තක්‌ ඉල්ලුවත් පොලිසියෙන් ලැබුණෙ නැහැ."

මේ...... පාතාලයේ දරුණු අපරාධකාරයකු පොලිස්‌ කූඩුවක පැය කිහිපයක්‌ ගාල්කරනු ලැබීමෙන් පසු නැගුණ මැසිවිල්ලක්‌ නොව අසරණභාවයේ පත්ලටම වැටුණු මොහොතක විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ හදවතින්ම නැගුණු ශෝකී රාවයකි. නීතිය වල්වැදී ඇති කලෙක සාධාරණය පරයමින් පුද්ගලාභිවන්දනය වෙනුවෙන්ම පමණක්‌ සියල්ල කේන්ද්‍රගතව ඇති මොහොතක සුජාත අයිතීන් වෙනුවෙන් නැඟෙන හඬට ද කිසිදු ඉඩක්‌ නොමැති වග අත්දකිමින් සිටිමු. පා ගෙවෙන තෙක්‌ පැවැත්වූ පා ගමන් අවසනල උගුර ලේ රහ වන තෙක්‌ පැවැත්වූ උද්ඝෝෂණ, විරෝධතා අවසන ඔවුන්ට ලැබුණේ තර්ජන, ගර්ජන, පහරදීම් විනා අන් කවරක්‌ නොවේ.

Read more...

එක්‌ සත්‍ය කතාවක්‌ - තහනම් පෙමකට කප්පම් ගෙවා නට්‌ටං වූ ව්‍යාපාරියකුගේ ඇත්ත කතාව

User Rating:  / 0

වැල්ලවත්ත යනු දෙනෝදහක්‌ නිතරම ගැවසෙන කලබල නගරයකි. තට්‌ටු නිවාස හා අහස වසාලන තාප්ප වලින් සමන්විත වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටල් ද, එමට ඇත. මේ හෝටල් කාමරවලට දිනකට යනෙන පෙම්වතුන්ගේ ගණන මෙතෙකැයි කියා කිව නොහැකිය. සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල මේ කියන හෝටල්වල කාමර පිරී ඉතිරී යන්නේ පෙම්වතුන්ගෙනි. මේ පෙම්වතුන් අතර සියයට අනූවකට වඩා සිටින්නේ අනියම් පෙම්වතුන්ය.

මීට දින කිහිපයකට උඩදී කොළඹ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු සිය මෝටර් රථය වැල්ලවත්ත ප්‍රදේශයේ එක්‌තරා හෝටලයක්‌ වෙත ගමන් කළේ හෝටල් කාමරයක්‌ වෙන්කර ගත් පසුවය.

Read more...

පොලිස්‌ රාළහාමි මරු තුරුලට යෑවූ කම්මුල් පහර

User Rating:  / 0

පොලිස්‌ රාළහාමි මරු තුරුලට යෑවූ කම්මුල් පහර 

* මල්වර සාදයේ ආරවුලක්‌
* කෝපය ගෙන ආවේ මධුවිත වීදුරුවයි
* කැත්තෙන් කොටා පළිගනියි

කුරුණෑගල පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ එක්‌ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුගියදා පොලිස්‌ දෙපාර්තමේන්තුව මෙන්ම රටේ ජනතාවද භීතියට පත්වූහ. එහි උණුසුම මැකීයැමටත් මත්තෙන් තවත් පොලිස්‌ නිලධාරියකු ඝාතනයට ලක්‌විය. එයට ආසන්න හේතුව වූයේ මල්වර සාදයක ඇති වූ ගැටුමක්‌ දුරදිග යැමකි.

සුමිත් ආනන්ද ගුණසේකර අවුරුදු පනහක්‌ පමණ වයසැති පොලිස්‌ කොස්‌තාපල්වරයෙකි. තිදරු පියකු වන ඔහු ස්‌ථිර පදිංචිය ධර්ගා නගරය මීගම පාසල අසලය. දීර්ඝ කාලයක්‌ යාපනය ප්‍රදේශයේ රාජකාරි කළ සුමිත් රාළහාමි දැනට වසර කිහිපයකට පෙර අලුත්ගම පොලිසියට සේවා මාරුවක්‌ ලබාගෙන සිය රාජකාරි කළ අතර පසුව අලුත්ගම පොලිසියට අනුයුක්‌තව ධර්ගා නගරය පොලිස්‌ මුරපළේ සිය රාජකාරි කටයුතු සිදු කළේය. සෑම මොහොතකම තම රාජකාරිය අකුරට ඉටු කිරීමට සුමිත් රාළහාමි වග බලා ගත්තේය. එම නිසා අවස්‌ථා ගණනාවකදී ඉහළ නිලධාරින්ගේ පැසසුමටද ඔහු ලක්‌විය.

Read more...

පැලියගොඩ නගර සභා මන්ත්‍රිවරයාගේ ඝාතනය

User Rating:  / 0


පැලියගොඩ නගර සභා මන්ත්‍රිවරයාගේ ඝාතනය 
තාත්තාට සමු දී සඳරුවන් 
මරුවා සමග ගිය හැටි!


කැලණිය විහාර භූමියෙන් ඇසෙන ඝන්ඨා නාදය දෙසවන් පිනවයි. කැලණිය පුදබිමෙන් ඇසෙන ඒ සාධු නාදය, සිත සන්සුන් කරවයි. මේ ප්‍රදේශවල එදා සිටියේ සාමකාමී, සාධාරණ දිවි පෙවෙතක්‌ ගත කළ මිනිසුන්ය.



එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින් වෙනස්‌ වී ඇත්තේය. එදා තිබූ ඒ මිහිරියාව සාමකාමී බව පරයමින් කැලණිය පෑලියගොඩ ප්‍රදේශය පුරා පැතිර තිබෙන්නේ මහා භීෂණයකි. ඝන්ඨානාදය වෙනුවට ඇසෙන්නේ නාඳුනන තුවක්‌කුකරුවන්ගේ වෙඩි හඬය. සාධු නාදය වෙනුවට ඇසෙන්නේ තර්ජන, ගර්ජන කිරීම්ය. එදා සාමකාමීව එකට සිටි මිනිසුන් අද බෙදී වෙන් වී එකිනෙකා මරාගන්නා තත්ත්වයට පත්ව සිටිති.

Read more...

අපේම අය තමයි මට විරුද්ධව කතා පතුරුවන්නේ... - ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කියයි

User Rating:  / 0

දුමින්ද සිල්වා... යනු පසුගිය කාලය පුරාම මෙරට දේශපාලන කරළියෙහි විවාද සම්පන්න චරිතයක්‌. හොඳ මෙන්ම නරකද ඇති පමණින් කියෑවෙන චරිතයක්‌ වන දුමින්ද ඉතා කෙටි කාලයක්‌ තුළ දේශපාලනයෙහි හිනිපෙත්තටම නැගි තරුණ චරිතයක්‌ බව කීම නිවැරැදිය. දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගැන කතාබහ කරද්දී ඒ කියෑවෙන හැම කාරණයක්‌ ගැනම අපි ඔහුගෙන් විමසා සිටියෙමු. මේ ඔහු දුන් පිළිතුරුයි.

ප්‍රශ්ණය ( ඔබට සිදුවූ මාරාන්තික තුවාලයන්හි වත්මන් තත්ත්වය කෙසේද?

පිළිතුර ( මට වෙඩි වැදුන මොහොතේ ඉදලා කොළඹ දිස්‌ත්‍රික්‌කයේ දහස්‌ ගණනක්‌ අහිංසක අසරණ ජනතාව බෝධි පූජා පවත්වමින්, පල්ලිවල, කෝවිල්වල ආගමික වතාවත් සිදුකරමින් මට ඉක්‌මන් සුවය ප්‍රාර්ථනා කරලා තිරීබා. ඒ, අහිංසක මිනිසුන්ගේ ආශිර්වාදය නිසා තමයි හාස්‌කමකින් වගේ මට ආපසු ජීවත්වෙන්න වාසනාව ලැබුණේ. මේ රටේ අහිංසක අසරණ මිනිසුන්ගේ ආශිර්වාදයෙන් නැවත ඒ අයට සේවය කරන්න පුළුවන් වෙන විදිහට මේ වනවිට ඒ මාරාන්තික තුවාල සුවවෙලා තියෙන්නේ. 

Read more...

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube