^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Breaking news

ජනාධිපති සටනට විපක්‌ෂයෙන් පහක්‌

User Rating:  / 1

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට අමතරව තවත් අපේක්‍ෂකයන් හතරදෙනකු ඉදිරිපත් කිරීමට විපක්‍ෂය සැලසුම් කරමින් සිටින බව 'දිවයින ඉරිදා සංග්‍රහය' ට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ.

එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා මුස්‌ලිම් දේශපාලන පක්‍ෂවලින් මෙලෙස අපේක්‍ෂකයන් හතර දෙනකු ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more...

නීතිය නිරුවත්කර පොලීසියට චීත්ත ඇන්දවූ දේශපාලන මැරයෝ

User Rating:  / 0

* උප සභාපති පොලිස්‌ නිලධාරියාට පහර දී ට්‍රැක්‌ටරයෙනුත් බිමට දාලා...

* අතරමගදි අත්අඩංගුවට ගත් සැකකරුවත් මුදාගෙන...



ඇමති පියංකර ජයරත්න පොලීසියට පැමිණ උප සභාපතිවරයා මුදා ගැනීම සඳහා පොලිස්‌ නිලධාරීන් සමග සාකච්ඡා කරන අයුරු සහ පහර කෑ පොලිස්‌ නිලධාරියා නොච්චියාගම දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයුරු, 


පින්තූර හා සටහන සාලියවැව වාර්තාකරු

රටකට නීති පනවන හා ඒවා ක්‍රියාත්මක කරන අයම එම නීති උල්ලංඝණය කරන්නේ නම් ජනතාවට රකින්නට නීතියක්‌ ඉතිරි වන්නේ නැතැයි කියමනක්‌ තිබේ. එවැනි සිදුවීම් සම්බන්ධව අපේ සමාජයට ලැබෙන අත්දැකීම් දිනපතා වැඩිවෙමින් ඇත. එහි නවතම කතා පුවත දිග හැරෙන්නේ කවදත් මැර දේශපාලනයට කුප්‍රකට වූ පුත්තලම ආණමඩුව කරුවලගස්‌වැවෙනි. මේ සිද්ධියේ ප්‍රධානම දුෂ්චරිතය නිරූපණය වන්නේ කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති තනතුර දරන්නා විසිනි.

Read more...

හකීම්ට විශ්වාසභංගයක්‌ -

User Rating:  / 0

අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්‌ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු සහ එක්‌සත් ජාතික පක්‍ෂය සැලැසුම් කරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ "දිවයින ඉරිදා සංග්‍රහය"ට වාර්තා වේ.

නීති විද්‍යාලයේ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීමට විෂයභාර ඇමැති ලෙස හකීම් මහතා නිසි මැදිහත්වීමක්‌ නොවීම මෙම විශ්වාස භංගය ගෙන ඒමට හේතුවී තිබේ.

ආණ්‌ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක්‌ පසුගියදා පාර්ලිමේන්තුවේදී කළුතර දිස්‌ත්‍රික්‌ (එ. ජා. ප) මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා හමු වී මේ පිළිබඳව යෝජනා කර ඇත.

Read more...

ලෙයට ලෙයින් පළිගන්නා තංගල්ල

User Rating:  / 0



තංගල්ල නගරය චිකාගෝවක්‌ බවට පත්වෙමින් තිබෙන්නේය. නිදැල්ලේ සැරිසරන නාඳුනන තුවක්‌කුකරුවන් තංගල්ලේ නගරවාසීන් භීතියට පත් කර හමාරය. මහ දවල් සිදුවන වෙඩි තැබීම් මිනිස්‌ ඝාතනවල නිමක්‌ නැත.

තංගල්ල අධිකරණය ඉදිරිපිටදී ආමි අමිල නමැති අපරාධකරුවාට වෙඩි තබන්නේ මීට දින කීපයකට උඩදීය. ඒ වෙඩි තැබීමේ උණුසුම පහව යැමටත් පෙර තංගල්ල ප්‍රධාන බස්‌ නැවතුම්පළේ සිටි ආමි අමිලගේ ගෝලයකු වෙඩි තබා ඝාතනය කරන්නේය. මේ සියලු වෙඩි තැබීම් සිදුවන්නේ මහ දවල්ය. දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදීය.

මේ භීෂණය පතුරුවාලන අපරාධකරුවන් කවුරුන් දැයි තංගල්ල පොලිසිය පමණක්‌ නොව මුළු දකුණු පළාතම හො¹කාරව දන්නේය. සන්නද්ධ කණ්‌ඩායම් තංගල්ල නගරය පුරා නිදැල්ලේ හැසිරීමට හේතුව කුමක්‌ද? ඊට හේතුව තංගල්ල පොලිසියේ

Read more...

බැන්දා කියල වෙනසක් නැහැ අපි දිගටම රඟපානවා

User Rating:  / 0

අපේ කපුකම කළේ අත්තම්මා

පුංචිතිරයේ දිගහැරෙන "මලී 2 අත්තම්මා" ටෙලි නාට්‍යයෙහි මලී ලෙස රඟන උදාරි කෞෂල්‍යා උදයකුමාර් පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්තා. ඒ එම නාට්‍යයෙහිම රඟපාන සංගීත් සතරසිංහ නම් තරුණ රංගන ශිල්පියා සමඟයි. මේ ඒ ගැන ඇයත් සමඟ කළ කතාබහයි.

කොහොමද උදාරි, මොනවද මේ දවස්‌වල කරන්නේ?

බොහොම හොඳින් ඉන්නවා. ඒ අතරේ "මලී 2 අත්තම්මා" ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. තවත් අලුත් නාට්‍යකටත් රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඒ ගැන ඉදිරියේදී දැනගන්න ලැබේවි. දෙරණ Juck box වැඩසටහන සඳහා නිවේදිකාවක්‌ ලෙසත් කටයුතු කරමින් සිටිනවා.

ටෙලි නාට්‍ය රංගනයට දායක වෙන්න අවස්‌ථාව ලැබුණෙ කෙසේද?

Read more...

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube