^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Breaking news

පුතාලා ලේලිලා එක්‌ක කොල්ල කල්ලියක්‌ හැදූ "දඟරිගේ" නිමා වූ දඟරය

User Rating:  / 0

මෑත අවධියේ සිට මතුගම නගරය ජනාකීර්ණය. රාජ්‍ය බැංකු මෙන්ම පෞද්ගලික බැංකු සියල්ලක්‌ම පාහේa වෙනත් මූල්‍ය සමාගම් ඇතුළු සුපිරි කඩ සාප්පුවලින් සමන්විත මතුගම නගරය වඩාත්ම ජනාකීර්ණ වන දින දෙකක්‌ වන්නේ බදාදා සහ ඉරිදා ය. මේ දින දෙක මතුගම සතිපොළ පැවැත්වෙන දිනයන් බැවින් මූල්‍ය ආයතන මෙන්ම වෙළෙඳසල් තුළ ද දක්‌නට ඇත්තේ අධික තදබද බවක්‌ය.

දිනක්‌ මතුගම පොලිසිය වෙත පැමිණි කාන්තාවක්‌ පොලිස්‌ පොතේ පැමිණිල්ලක්‌ සටහන් කර කියා සිටියේ තමන්ට අයත් අත් බෑගයේ තිබූ රුපියල් දෙලක්‍ෂ හැත්තෑ දෙදහසක මුදලක්‌ කිසිවකු විසින් බෑගය කපා පැහැර ගෙන ගොස්‌ ඇති බවය. මතුගම නගරයේ පිහිටි බැංකුවක්‌ වෙත පැමිණ තමන් මුදල් ලබා ගත් බවත්, මඳ වේලාවක්‌ ගත වීමෙන් අනතුරුව තමන් බෑගය පරීක්‍ෂා කිරීමේදී බෑගය කපා මුදල් පැහැරගෙන ඇති බවටත් පොලිස්‌ පොතේ සටහන් වූ පැමිණිල්ලට අනුව මතුගම පොලිසිය වහාම පරීක්‍ෂණ ආරම්භ කළේය. නමුත් අදාළ මුදල පැහැර ගැනීම සම්බන්ධව කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් විය. එය ඒ තරම් ම සූක්‍ෂම අයුරින් සිදුකර තිබුණේය.

Read more...

පෝරකයට ගිය මරදන්කඩවල දොස්‌තර

User Rating:  / 0

චමිලා සුරූපීය. පැහැපත්ය. අවුරුදු දහසය ලබන්නට කලින් ඇයට අතමිට හිඟකම මහමෙරක්‌ සේ දැනිණි. චමිලාගේ පවුලේ සාමාජික ගණන අටකි. චමිලා උන්නේ පවුලේ සිව්වැනි දරුවා ලෙසිනි. ඇයට වඩා බාල මල්ලිලා, නංගිලා සිවුදෙනෙකි.

මොණරාගල, දඹලුගල, කටුකූරමණ්‌ඩිය ගමේ උපන් ඔවුනගේ ජීවිත ගලාගෙන ගියේ දුක, කඳුළ හා සුසුම් මැදිනි. ඇයගේ ගම පිහිටියේ ශුෂ්ක, දුෂ්කර, කටුක පරිසරයක්‌ මැදය. ලඳු කැලෑ මැද ගෙවුණ ජීවිතේ මහ දුක්‌බර එකකි. නගරයට යැමට, පාසලට යැමට මහ දුරක්‌ පයින්ම යා යුතුය. කුසට හරිහමන් කෑමක්‌ බීමක්‌ නොමැතිව පාසල් ගිය වාර අපමණය. තවදුරටත් මට ස්‌කෝලේ යන්න බෑ. මම රස්‌සාවකට යනවා." ඇය සාමාන්‍ය පෙළ දක්‌වා පමණක්‌ පාසල් ගොස්‌ පාසලට ආයුබෝවන් කීවේ නංගිලා, මල්ලිලාට ඒ දුක නොදී ඔවුන්ව මේ ජීවන දුකින් එතෙර කිරීමේ අදිටනිනි.

ඥති පුංචි අම්මා කෙනකු ඒ වනවිට කටුනායක ප්‍රදේශයේ ඇඟලුම්හලක සේවය කරමින් සිටින බව ඕ දැන සිටියාය.

Read more...

දෙනෝදහක්‌ මැද්දේ පිරිමියෙකුට පහරදුන් චණ්‌ඩි කෙල්ල

User Rating:  / 0



මේ සතියේ සමාජ ආන්දොaලනයට තුඩු දුන් අපූර්ව නාටකීය පුවතක්‌ විය. එය පළව තිබුණේ ෆේස්‌ බුක්‌ හෙවත් මුහුණු පොත නමින් ප්‍රචලිත සමාජ ජාල වෙබ් අඩවියේය. 

කටින් කට ගියත් පුවත ඇසින් දැක ගැනීමට බොහෝ දෙනෙක්‌ උනන්දු වූහ. අපිද ඒ නාටකය නැරඹීමු. සැවබැවින්ම පුදුමය. පතෝල කරලක්‌ වන් හීනි කෙල්ලෙක්‌ හොඳ උස මහත ඇති පිරිමියකුට කම්මුල් පහර වරුෂාවකින් සංග්‍රහ කරන අයුරු අප බලා සිටියේ විශ්මය හා ත්‍රාසය මුසු හැඟීමෙන්ය.

මේ කතාව වරියපොළ හා සම්බන්ධය. වාරියපොළ යනු අදටත් ඒ තරමට නවීකරණය නොවූ ගැමි සුවඳ නොවියලුනු පුරයකැයි අපට හැඟේ. මේ පුරවරයේ දෙනෝදාහක්‌ ගැවසෙන බස්‌ නැවතුමක මහදවල් කෙට්‌ටු අක්‌කා උස මහත අයියාට මදි නොකියන්නට නෙළුවාය. අක්‌කාගේ එකී නෙළිල්ල කෙසේද යත් ඇය අයියාට නෙළන්නට ගොස්‌ තමන්ට සේම හතරවරිගයටම නෙළා ගත් බව කිසිවකු හෝ මුහුණු පොතට එක්‌කර තිබු ඒ නාටකය අපට තහවුරු කරනු ලැබීය.

Read more...

නීතිය ගිනි තපින්නද පිහිටක්‌ නැත්නම් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයාගේ බිරිඳ පැහැරගත් දේශපාලන බලවතා!

User Rating:  / 0



සිදුවීමක්‌ සිදුව ඇත. වාර්තා වන ආකාරයෙන් එය කාගේත් හද කම්පා කරවන සුළුය. මනුෂ්‍යයන් දෙදෙනකු අතර පවතින කවරාකාරයේ සබඳතාවක්‌ හෝ ගනුදෙනුවක්‌ පිළිබඳ ප්‍රශ්න කිරීම හෝ විවේචනය කිරීම අප සතු කාර්යයක්‌ නොවේ. නමුත් ඒ ගනුදෙනුව හෝ වෙන යම් ප්‍රස්‌තුතයක්‌ මුල් කරගෙන මේ රටේ නීතිය වල් වදින්නේ නම්, කාලයක්‌ තිස්‌සේ ගොඩනගාගෙන පැවත එන සමාජ සංස්‌කෘතික රාමුව දෙදරායන සුළුවේ නම් එවැන්නක්‌ සිදුව ඇති බව හෙළිදරව් කිරීමේ පරම වගකීමක්‌ අප සතුව තිබේ. ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ නාලක වෙදමුල්ලගේ බිරිඳ පැහැරගෙන ලිංගික බලපෑම් කරමින් අමානුෂික ලෙස පහරදී මහ මග දමා යැමේ ආන්දොaලනාත්මක සිදුවීම එවැන්නක්‌ දැයි අපට සිතේ. චන්දි රණතුංග කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කර ඇති ආකාරයට ඇය පැහැරගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ සංස්‌කෘතික හා කලා කටයුතු ඒකකයේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ සමන් දිසානායකය. මීට ඉහතදී ඔහුගේ කාර්යාලය තුළදී දැඩි ලිංගික බලපෑම් කර පහරදීමේ චෝදනාව මත සමන් දිසානායක එම තනතුරින් පහකොට නිලධාරී මට්‌ටමට පහත් කළ බවද කියති. 

ඉන්පසුව ද තමන්ට දිගින් දිගටම ලිංගික බලපෑම් කර හිරිහැර සිදුවූ බව පවසන ඇය පසුගිය දහනවදා මහමගදී බලහත්කාරයෙන් මෝටර් රථයට දමාගෙන ගොස්‌ පහරදී තුවාල සිදු කළ බව කීවාය. ඒ කතාවේ හරි වැරදි තැන් පිsරික්‌සීම වගකිවයුත්තන්ට බාරය. නමුත් කුමන හෝ පදනමක්‌ මත ගැහැනියකට පහරදීමේ හයියක්‌ ඇයට පහර දුන්නේ යෑයි සඳහන් කරන සියලු පාර්ශ්වයන්ට ලැබුණේ කොහේ තිබෙන නීතියකට දැයි අප දන්නේ නැත. එවැන්නක්‌ එසේ සිදුවීමට ඉඩ හැරීම හෙට දිනයේ ඒ අලඡ්ජි නීතිය ඔබේ දොරකොඩට පැමිණීමට ඉඩහැරියා වැන්න. එබැවින් අපි ඇය කියන මේ ආත්ම කතනයට සවන්දෙමු.

Read more...

රූපලාවන්‍ය චෝදනාවට ලක්‌ වූ දොස්‌තර 'ඉරිදා දිවයින'ට කතාකරයි!

User Rating:  / 0

රූපලාවන්‍ය චෝදනාවට ලක්‌ වූ දොස්‌තර 
'ඉරිදා දිවයින'ට කතාකරයි!



බම්බලපිටියේ විශාඛා පාරේ පිහිටි රූපලාවන්‍ය මධ්‍යස්‌ථානය ගැන අද මුළු රටේම කතා බහට ලක්‌ වී ඇත.

කොළඹ ළමා රෝහලේ වෛද්‍යවරියක්‌ වූ දොස්‌තර පී. ඒ. ප්‍රියංගනී මහත්මියගේ මරණින් පසු මෙම රූපලාවන්‍ය මධ්‍යස්‌ථානය මෙසේ වැඩි ප්‍රසිද්ධියක්‌ ලැබුවේය. මෙම රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයේ අයිතිකරු වූ දොස්‌තර නිමල් ගමගේ මහතා දැන් පසුවෙන්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේය.

දොස්‌තර ප්‍රියංගනී මහත්මියට රූපලාවන්‍ය සඳහා දොස්‌තර ගමගේ මහතා ප්‍රතිකාර කරමින් සිටියදී මෙම මරණය පිළිබඳව සැකකරුවකු බවට පත්වී දොස්‌තර නිමල් ගමගේ මහතා මෙසේ බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ පසුවෙයි.

Read more...

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube