^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

එංගලන්තයට ගහපු ශතකයට වඩා ආසියානු කුසලාන ශතකය වටිනවා -ළහිරු තිරිමාන්න

User Rating:  / 0
PoorBest 

අසේල විතාන නවසීලන්තයේ වෙලින්ටන් සිට

එක්‌දින ක්‍රිකට්‌ දිවියේ පෞද්ගලික හොඳම ඉනිම ක්‍රීඩා කළත් තමාගේ කැමැතිම ශතකය ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ලබා ගත් ශතකය බව ළහිරු තිරිමාන්න පවසයි. වෙලින්ටන් හිදී පැවැති තරගයේදී එංගලන්තයට එරෙහිව සිය හොඳම එක්‌දින ඉනිම ක්‍රීඩා කිරීමෙන් පසු තිරිමාන්න මෙම අදහස්‌ පළ කළේය.

එංගලන්තය සමග තරගයේදී පන්දු 143 කදී හතරේ පහර 13 ක්‌ සහ හයේ පහර දෙකක්‌ සමග නොදැවී ලකුණු 139 ක්‌ ලබා ගත් තිරිමාන්න එහිදී වාර්තා කළේ ඔහුගේ සිව්වැනි එක්‌දින ශතකය වේ., zzමගේ මේ හතරවැනි ශතකය. හැම ශතකයක්‌ම වටිනවා තමයි. නමුත් මේ ශතක අතරින් මම වඩාත් කැමැතිම ශතකය තමයි ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ලබා ගත් ශතකය.

ඉකුත් 2014 වසරේ බංග්ලාදේශයේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී පකිස්‌තානයට එහරෙහිව තිරිමාන්න පන්දු 108 කදී හතරේ පහර 13 ක්‌ සමග ලකුණු 101 ක්‌ ලැබීය. ඊට පෙර ඔහු පකිස්‌තානයට (101) සහ ඔස්‌ටේ්‍රලියාවට (102) එරෙහිව ශතක වාර්තා කිරීමට සමත් විය. තිරිමාන්න විසින් වාර්තා කරන ලද ශතක හතරෙන් තුනක්‌ම ආරම්භක පිතිකරුවකු වශයෙන් පැමිණ ලබා ගත් අතර එක්‌ ශතකයක්‌ අංක තුන පිතිකරුවකු ලෙස පැමිණ ලබා තිබේ.

zzමගේ පිතිකරණ රටාව අනුව කොහොමත් ඉදිරිපෙළින් පන්දුවට පහර දිය යුතුයි. කොහොමත් මුලින්ම බැට්‌ කරන්න මම පෞද්ගලිකවම ගොඩක්‌ කැමැතියි.  යනුවෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ උපනායකයාද වන තිරිමාන්න පවසයි.

කුමාර් සංගක්‌කාර ලකුණු අතර සිටීම තරගාවලියේ ඉදිරි ගමනට සුබවාදී පෙර නිමිත්තක්‌ බවද තිරිමාන්න පවසයි.,  කුමා අයියා පිට පිටම දෙවැනි ශතකය ලබා ගත්තෙ. ඔහු පන්දු 60 කින් විතර තමයි ශතක දෙකම ලබා ගත්තෙ. ඔහු ලකුණු අතර ඉන්නව කියන්නෙ අපිට තරගාවලියේ ඉදිරිය ගැන සුබවාදීව හිතන්න පුළුවන්. කුමා අයියත් එක්‌ක බැට්‌ කරද්දි හරිම පහසුයි. අපි නිතරම කතා කළේ තරගයේ ලකුණු ගනන කොහොමද තියා ගන්න ඕන කියලා. සමහර වෙලාවට ලකුණු හතක පමණ දළ වේගයක්‌ තියා ගණන අවශ්‍ය වුණා. ඒ වෙලාවෙදි ඔහු මට කරන්න ඕන මොනවද කියල පහදල දුන්නා.  යනුවෙන් තිරිමාන්න වැඩිදුරටත් පැවසීය.

ලකුණු 309 ක්‌ වෙලින්ටන් වෙස්‌ට්‌පැක්‌ ක්‍රීඩාංගණයේදී ජයග්‍රහණයට සෑහේද යනුවෙන් තිරිමාන්නගෙන් විමසන ලදුව,  ලකුණු 309 ක්‌ කියන්නෙ ජයග්‍රහණයට හොඳ ප්‍රමාණයක්‌. නමුත් අපි ඒ අභියෝගයට හොඳින් මුහුණ දුන්නා. සංගක්‌කාර ඇවිත් ඉක්‌මනින් ලකුණු ලබා ගත්ත නිසා ජයග්‍රහණය පහසු වුණා.  යනුවෙන් පැවසීය.

සුපිරි අට වටය සඳහා පැමිණීමේ අවදානමකට ලක්‌ව සිටින එංගලන්ත පිලේ පන්දු යෑවීමට වඩා ඇµaගනිස්‌ථාන පන්දු යෑවීම හොඳ ද යන්න තිරිමාන්නගෙන් එංගලන්ත මාධ්‍යවේදියකු විසින් විමසන ලදුව සිනාසෙමින් තිරිමාන්න මෙසේ පිළිතුරු සැපයීය.,  ඇµaගනිස්‌ථාන පන්දු යවන්නෝ ඉතාමත් හොඳින් පන්දු යවනවා. ඒක තරගයෙන් තරගයට වෙනස්‌ වෙන්න පුළුවන්. යනුවෙන් පැවසූ ඔහු මීළගට තිබෙන ඔස්‌ටේ්‍රලියානු තරගය කෙසේ හෝ ජය ගනිමින්  ඒ  කාණ්‌ඩයේ දෙවැනි හෝ තෙවැනි ස්‌ථානවලට පැමිණීමට බලාපොරොත්තුවන බව සඳහන් කළේය.

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube