^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

රත්මලාන ඉහළ අහසේදී ඇන්ටනොව් යානයට සිදුවූයෙ කුමක්‌ද?

User Rating:  / 1
PoorBest 


ගුවන් හමුදා නිලධාරීහු සිව්දෙනෙක්‌ මරුමුවට පත් කරමින් අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේදී කඩාවැටුණු ඇන්ටනොව් 32 යානාවට සිදුවූයේ කුමක්‌ද?

මේ යානාව අනතුරට පත්වීම ගැන නිසි තොරතුරු හෙළිවන්නේ ඇන්ටනොව් යානාවේ ඇති එච්. ඩී. ආර් සහ වී. ජී. එච් නමැති කළු පෙට්‌ටි දෙකේ ඇති දත්ත මතය.

1994 දී යුක්‌රේන් සමාගමකින් මිලට ගත් මෙම යානාවේ වටිනාකම ඩොලර් මිලියන 4.25 කි. එන්ජින් දෙකකින් යුත් ඇන්ටනෝව් යානාව 447 වතාවක්‌ ගොඩබස්‌සා ඇත.
ඇන්ටනෝව් 32 බී. දරණ මෙම යානය කඩා වැටීමට මුල් වූ හේතුව විමර්ශනය කිරීම සඳහා රුසියානු එම්. පී. එල්. සමාගමේ විමර්ශකයන් වූ ඇන්ස්‌ටේරියා රොමනෝවස්‌කියා, නුගෝර ඇලෙක්‌ස්‌න්ට්‍රෝව, මාලජි චිස්‌මිනාකෝව් සහ ඇලෙක්‌ස්‌පවර් කර්නොට්‌ මෙරටට පැමිණ පරීක්‍ෂණ අරඹා ඇත. මෙම යානාව පියාසර කළේ ගුවන් යානා සඳහා ලබා දෙන වගකීම් කාලසීමාව තුළය. මේ නිසා එකී යානාවේ කළු පෙට්‌ටි දෙක රුසියානු පර්යේෂණාගාරයේදී විමර්ශනයට ලක්‌ වේ.

දැනට හෙළි වී ඇති තොරතුරුවලට අනුව ඇන්ටනෝව් යානාව අනතුරට පත් වී ඇත්තේ එය රත්මලාන ගුවන් ධාවන පථයට පැමිණෙමින් සිටි අවස්‌ථාවේ ය.

හෝකන්දර ප්‍රදේශය උසින් පිහිටා තිබීම නිසා යානාව යම් අනතුරකට හෝ විදුලි කම්බියක ගැටීමක්‌ සිදුවී ඇතැයි සැක කෙරේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටනෝව් යානාවක්‌ විපතට පත් වූ මුල් අවස්‌ථාව මෙය නොවේ. මේ එකී සිදුවීම් ය.

1995 සැප්තැම්බර් 13 වැනිදා ඇන්ටනෝව් යානාවක්‌ ජාඇල පමුණුගම මුහුදු ප්‍රදේශයේදී කඩාවැටුණු අතර මළ සිරුරු එකක්‌වත් හමුවූයේ නැත. එහෙත් යානාවේ සිටි නිලධාරීන් හා සෙබළුන්ට අයත් හැඳිනීම් පත් හා බඩු බාහිරාදිය මුහුදේ පාවෙමින් තිබියදී හමු විය. 1995 නොවැම්බර් 22 තවත් ඇන්ටනෝව් 32 යානාවක්‌ පලාලි අවට ප්‍රදේශයේදී අතුරුදන් විය. ඉන් පසු 1997 පෙබරවාරි 21 දා රත්මලාන ගුවන් තොටුපළින් අහසට ගොඩවීමට උත්සාහ කළ තවත් ඇන්ටනෝව් යානාවක්‌ කඩාවැටුනි.

මේ වන විට ඇන්ටනොව් යානා පහක්‌ විපතට පත් වී ඇත.

ඉන් පමුණුගම මුහුදට කඩා වැටුණේ අලුත්ම ඇන්ටනෝව් යානාවකි. එම යානාවට සිදුවූදේ අදටත් අභිරහසකි.

එකී යානාව කොටි මිසයිල ප්‍රහාරයකට ලක්‌ වී ඇතැයි සැලකේ.

ඊළාම් ත්‍රස්‌ත යුද්ධය පැවැති සමයේ දින දෙකක්‌ තුළ ඇන්ටනෝව් යානා තුනක්‌ කඩා වැටී ඇත. 2000 වසරේ අප්‍රේaල් මස දිනක අනුරාධපුර තලාව ප්‍රදේශයේදී ඇන්ටනෝව් යානාවක්‌ කඩා වැටී එහි ගමන් කළ හතළිහකට අධික පිරිසක්‌ මරුමුවට පත් වූහ. එහි ගුවන් භටයන් 23 ක්‌ ද නාවික භටයන් 11 ක්‌ හා පොලිස්‌ භටයන් දෙදනකු ද සිටි බව හෙළි විය.

මේ යානාව අනුරාධපුර ගුවන් තොටුපළ වෙත විනාඩි තුනකින් ගොඩබැස්‌සවීමට නියමිතව තිබුණි. යානාවේ ගමන් කළ හමුදා සෙබළුන් වැටුප් පවා රැගෙන පැමිණියේ තම නිවාසවලට යැමටය.

යානාව කඩා වැටී තිබුණු ස්‌ථානය වෙත යන විට සිරුරු රැසක්‌ම දැවී තිබුණි. අලිමංකඩ හමුදා කඳවුරේ සිටි නිලධාරියකු කොටි ප්‍රහාරයකින් මරුමුවට පත් වූ අතර ඔහුගේ සොහොයුරා ද අවමඟුලට සහභාගි වීම සඳහා එම ගුවන් යානාවෙන් පැමිණි බව අනාවරණය විය.

මෙම යානාව පැදවූයේ යුක්‌රේන් නියමුවෙකි. තම යානාවේ එක්‌ එන්ජිමක්‌ ගිනි ගනිමින් තිබෙන බව ඔහු අනුරාධපුර පාලන මැදිරියට දැනුම් දී තිබුණි.

එහෙත් එකී යානාව කඩා වැටීමට මුල් වූ හේතුව හෙළි වූයේ නැත. 1997 අප්‍රේල් මස දිනෙක යුක්‌රේනියානු නියමු සුබොටා පැද වූ ඇන්ටනෝව් 32 යානාව රත්මලාන ගුවන් තොටුපළ වෙත පැමිණෙන අවස්‌ථාවේ පාලන මැදිරිය පැවසූවේ අයහපත් දේශගුණික තත්ත්වයක්‌ පවතින බව ය.

රත්මලාන සිට පළාලි වෙත හමුදා භටයන් ගෙන යැම සහ ආපසු ගෙන ඒම එම ඇන්ටනෝව් යානාවට පැවරී තිබුණි. 

රත්මලාන ධාවන පථය අවට දර්ශන පථය එතරම් පැහැදිලි නොවූ නිසා නියමු සුබෝටා තම සී ආර්. 860 යානාව අඩි 1000 ක්‌ තෙක්‌ පහළට බස්‌වා විගස ධාවන පථය වෙත යොමු කර ඇත.

එහිදී සිදුවීමට ගිය මහා විනාශයක්‌ වැළකිනි. යානාවේ සිටි සෙබළුන් 50 කගේ දිවි ගැලවුනි.

එහෙත් ඇන්ටනෝව් යානාව අබලන් විය. එදා සිටි ගුවන් හමුදා බලධාරීහු රාත්‍රියේම අබලන් යානාව ඉවත් කිරීමට ක්‍රියා කළහ.

එම සිද්ධියෙන් සති දෙකකට පසු සෙබළුන්

රැගත් තවත් ඇන්ටනෝව් යානාවක්‌ රත්මලාන ගුවන්තොටුපළින් පියාසර කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේ එන්ජින් දෝෂයක්‌ ඇති වී විගස ගොඩබස්‌සවනු ලැබීය.

අයහපත් දේශගුණික තත්ත්වයට පවා ඔරොත්තු දෙන ලෙස නිපදවූ ඇන්ටනෝව් යානා හිටි හැටියේ විපතට පත්වීමේ හේතූන් මෙතෙක්‌ හෙළි වී නැත. රටවල් 20 කට අධික සංඛ්‍යාවක්‌ මෙම ඇන්ටනෝව් යානා භාවිත කරන අතර යානා රැසක්‌ මේ වන විට කඩා වැටී ඇත. 2012 අගෝස්‌තු මස 27 වැනිදා සුඩාන හමුදාවට අයත් ඇන්ටනෝව් යානාවක්‌ කඩා වැටීමෙන් දේශපාලනඥයන් සහ හමුදා ජනරාල්වරු 32 ක්‌ ම රුමුවට පත් වූහ.

මේ නිසා ඇන්ටනෝව් යානාවල ආරක්‍ෂාව කෙරේ සැක පහළ විය.

මේ පසුබිම මැද අතුරුගිsරියේදී ඇන්ටනෝව් 32 යානාව කඩා වැටී ඇත්තේ එන්ජින් දෝෂයක්‌ නිසා නොවන බව පැහැදිලි වී ඇත.

මෙම යානාවේ කළු පෙට්‌ටි දෙකින් එකී යානාව කඩා වැටීමට මුල් වූ හේතුන් හෙළි වනු නියතය. රුසියානු එම්. පී. එල්. සමාගම දක්‌වන්නේ මෙම කළු පෙට්‌ට්‌ දෙකේ අති දත්ත අනාවරණය කිරීමට හැකිවනුයේ රුසියානු පර්යේෂකයන්ට පමණකි.

එස්‌. සී. එම්. 864 දරන මෙම ඇන්ටනෝව් යානාව දෙසැම්බර් 12 වැනිදා අලුයම 6.09 ට කටුනායකින් පිටත් වූ 7 - 6 එම යානාව ඒ වන විට පියාසර පැය 300 ක්‌ පියාසර කර තිබුණි.

ආරංචි මාර්ග දක්‌වන අන්දමට ඇන්ටනෝව් යානාව අඩි 2000 සිට අඩි 1500 දක්‌වා පහළට බැස ඇත්තේ රත්මලාන ධාවන පථයට පිවිසීම සඳහාය. එහෙත් 6.20 ට එය හෝකන්දර රබර් වත්තකට කඩා වැටී තිබේ.

පියාසර පැය 2340 ක්‌ තිස්‌සේ ගුවන් යානා පදවා ඇති නියමු ඡේ. එම්. අබේවර්ධන සිය ඇන්ටනෝව් යානාව රත්මලාන ධාවන පථයට ගොඩබැස්‌සවීමට සූදානම් වූ අවස්‌ථාවේ මේ විපත සිදුවී ඇත. එහෙත් මෙයට වසර ගණනාවකට පෙර පමුණුගම මුහුදු කලාපයට කඩාවැටුණු ඇන්ටනෝව් යානාවේ නියමුවා සහ පාලන මැදිරිය අතර අවසන් මොහොත වනතුරු පණිවුඩ හුවමාරුවක්‌ සිදු වී නැත.

කෙසේ වෙතත් ඇන්ටනෝව් යානාවේ විපතට මුල් වූ හේතූන් අනාවරණය වීමට තව සති තුනක්‌වත් යනු ඇත.

මෙම විපතට පත් යානාවේ කළු පෙට්‌ටි දෙක ගුවන් යානා වගකීම් දරන මණ්‌ඩලයේ සාමාජිකයකු හා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඉදිරියේ මුද්‍රා තබා රුසියාව වෙත යවා තිබේ.

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube