^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Sri Lankan Cyber Bazaar

පල්ලියේ දී ඇස් දෙක ගලවා බිම දමයි

පල්ලියේ දී ඇස් දෙක ගලවා බිම දමයි

පුදුමයි ඒත් ඇත්තයි

53Share

ඉතාලියේ වියාරේජ්ජෝ නගරයේ ශාන්ත අන්ද්‍රයා දේවස්ථානයේ උදෑසන දේවමෙහෙය සඳහා සභාභාගී වූ බැතිමතුන් ඉදිරියේ සියතින් තම ඇස් දෙක උදුරා දැමූ පුද්ගලයකු පිළිබඳව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

46 වැනි වියෙහි පසුවන ඔහු තොස්කානා විශ්ව විද්‍යාලයයෙන් විශේෂ උපාධි තුනක් දිනා සිටින්නෙකි. සිය මව සමග දේව මෙහෙයට සහාභාගී වි සිටි අවස්ථාවේ ඇසුණු අද්භූත කටහඩකට අවනතව මෙසේ තම දෑස උදුුරා දැමූ බව ඔහු රෝහල් පොලිසියට පවසා ඇත. ඔක්තෝබර දෙවැනි දා මෙම සිදුවීම දැක දේව මෙහෙයට පැමිණි ඉතාලි ජාතික කාන්තාවෝ විශාල පිරිසක් සිහිසුන් වූහ. දේවස්ථානයේ පූජකවරයන් ඇතුළු තවත් පිරිසක් ඔහුගේ ක‍්‍රියාව වැලක්වීමට උත්සාහ දැරුව ද එයින් පලක් වී නොමැත. බිම තුබූ ඇස් දෙක පොලිස් නිලධාරීන් අයිස් උරයක බහා විගසින් රෝහල ට රැගෙන ගිය ද ස්නායවලට සිදු වී ඇති හානිය නිසා බද්ධ කළ නොහැකි බව වෛද්‍යවවරු කීහ. ඔහුට ඉදිරියේ අන්ධයකු ලෙස ජිවත්  වීමට සිදු වෙතියි රෝහල් වෛද්‍යවරුන් පැවැසූ බව ඉතාලි මාධ්‍ය සඳහන් කරයි.

තම පුතා මානසික රෝගියකු නෙවන බව ද එම තැනැත්තාගේ මව පොලිසියට කියා ඇත.

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube