^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Sri Lankan Cyber Bazaar

Sri Lanka Oil Corporation - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව - බාල පෙට්රල්වලින් හානි වූ වාහන 100කට ඊයේ වන්දි දෙයි

බාල පෙට්රල්වලින් හානි වූ වාහන 100කට ඊයේ වන්දි දෙයි

බාල පෙට්‍රල් භාවිත කළ වාහන හිමියන් 100කට (රු. 50,000ට අඩු වන්දි අපේක්‍ෂකයන්ට) වන්දි ගෙවීම් සිදුකිරීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (18) ආරම්භ කෙළේය. වන්දි ලබාදීම කිසි ලෙසකත් නතර නොකළ බව පවසන සංස්ථාව රුපියල් 50,000ට වැඩි වන්දි ගෙවීම් කටයුතු ලබන මස 15 දා වන විට අවසන් කිරීමට අපේක්‍ෂා කෙරේ. අලාභහානි වූ වාහන හිමියන් සම්බන්ධ පැමිණිලි පසුගිය සැප්තැම්බර් මස 5 වනදා දක්වා භාරගත් අතර වන්දි ගෙවීමට අදාළව සම්පූර්ණ කළයුතු ලිපි ලේඛන අඩුපාඩු ඇත්නම් ඒවා සම්පූර්ණ කරන ලෙසට පැමිණිලි පාර්ශ්වයන්ට සංස්ථාව ලිඛිතව දැනුම් දී තිබේ.

වන්දි ගෙවීමට අදාළ ලිපිලේඛන පරීක්‍ෂා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. ඔවුන් අදාළ ලිපිලේඛන පරීක්‍ෂා කිරීම් සිදුකරන අතර ඒ සඳහා හත් දෙනකුගෙන් යුත් අනුකමිටුවක් පත් කර තිබේ.

http://www.dinamina.lk/img/mh-070122.jpg

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube